ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

Monday, 04 March 2013 - 19:23

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

ලබන 8 වැනිදා බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට සහභාගි වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (04) නම් කරනු ලැබුවා. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් ජනිත් පෙරේරා, කිත්රුවන් විතානගේ සහ තරිදු කෞෂාල් කණ්ඩායමට අලූතින් එක් කර තිබෙනවා. මීට අමතරව තිලාන් සමරවීර, තරංග පරණවිතාන කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර ආබාධයකට ලක්ව සිටින හිටපු නායක මහේල ජයවර්ධන ද කණ්ඩායමට ඇතුළත් කර නැහැ.