ඉන්දියාව දෙවන ටෙස්ට් තරගයත් ජය ගනී.

Tuesday, 05 March 2013 - 13:08

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.



ඉන්දියාව සහ  ඕස්ට්‍රේලියාව අතර බෝඩර් - ගවස්කාර් කුසලානය සඳහා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ඉනිමකින් සහ ලකුණු 135කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම අද (05) සමත් වුණා. හයිද්‍රාබාද් හි පැවති තරගයේ මුලින්ම පන්දුවට පහර දුන්  ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලූ 9ක් දැවී ලකුණු 237ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනාම දැවී ලකුණු 503ක් රැස් කළේ චෙතේෂ්වර් පුජාරාගේ ලකුණු 204ක් සමගයි. ඊට අමතරව මුරලි විජේ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 167ක් ලබා ගත්තා. කෙසේ වුවත්  ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දෙවැනි ඉනිමේ දී සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 131ක් පමණයි.