බංග්ලාදේශ පළමු ඉනිම 135/2.

Saturday, 09 March 2013 - 15:30

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+135%2F2.

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. අද (09) තරගය නිමා වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 02 ක් දැවී ලකුණු 135 ක් ලබා සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම තම මුල් ඉනිම ලකුණු 570 ක් ලබා සිටියදී අත්හිටුවනු ලැබුවා. ශ්‍රී ලංකාව මෙම ප්‍රබල ඉනිම ගොඩනැගුවේ කඩුළු 04 ක් පමණක් දැවී ගොස් තිබියදීයි. ඉනිම අත්හිටුවන විට ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 155 ක් සහ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 116 ක් ලබා සිටියා. කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 142 ක් රැස්කළා. ඒ පිළිබඳව හිරු ක්‍රීඩා අංශය ගෙන එන විශේෂාංගය.

[MP3]s54889[/MP3]