මුෂ්ෆිකර් රහීම් ක්‍රිකට් ඉතිහාස පොතට.

Monday, 11 March 2013 - 13:59

%E0%B6%B8%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B7%86%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B6%A7.

සංචාරක බංග්ලාදේශ පිල සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ හතරවන දිනය අදයි. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට කඩුලූ 6 ක් දැවී ලකුණු 559 ක් රැස් කරගෙන සිටිනවා. තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 4ක් දැවී ලකුණු 570 ක් ලබාගත්තා. බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් මොහොමඞ් අෂ්රාෆුල් රංගන හේරත්ගේ පන්දුවකට අද දැවී ගියේ ලකුණු 190 ක් ලබා සිටියදියි. නායක මුෂ්ෆිකර් රහීම් ලකුණු 200 ක් ලබා ගත්තා. බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය ලබා ගත් ක්‍රීඩකයා ලෙසටද වාර්තා පොතට එක්වීමට මුෂ්ෆිකර් රහීම් අද සමත් වීමද විශේෂත්වයක්.