මනිලාල්ට FIFA තහනමක්.

Tuesday, 12 March 2013 - 8:03

%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+FIFA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ මනිලාල් ප්‍රනාන්දුට දින 90ක තහනමක් පැනවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශීයව සහ විදේශීයව සිදුකෙරෙන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ කිසිදු ක්‍රියාකාරකමකට සහභාගිවීමේ හැකියාව ඔහුට හිමි වන්නේ නැහැ. මෙම තහනමට හේතු වී ඇත්තේ ජීවිතාන්තය දක්වා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ තහනමකට ලක්වූ කටාර් හි මොහොමඞ් බින් හම්මාම් සමග සමීප සබඳතා පැවැත්වීම බවයි වාර්තා වන්නේ. හම්මාම් 2011 වසරේ පැවැති ෆීෆා නිළවරණයේ දී ඡන්ද මිලදී ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ අයෙක්. මනිලාල් ප්‍රනාන්දු බින් හම්මාම් සමග 2011 වසරේ කැරිබියානු චාරිකාවකට ද එක්වී තිබෙනවා. ඔහු සමග සමීප සබඳතා පැවැත්වීමෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස එහි චර්යා ධර්ම පද්ධතිය උල්ලංගණය කර ඇති බවටයි මනිලාල් ප්‍රනාන්දුට චෝදනා එල්ල වන්නේ.

\r\n