සංගක්කාරගෙන් තවත් වාර්තාවක්.

Tuesday, 12 March 2013 - 13:12

%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 230ක් ලබා සිටියා. නොදැවී ක්‍රීඩා කරන තිලකරත්න ඩිල්ශාන් ලකුණු 120ක් ලබා සිටින අතර කුමාර් සංගක්කාර 105ක් ලබා සිටිනවා. ඩිල්ශාන් අද (12) වාර්තා කළේ සිය 16 වන ටෙස්ට් ශතකයයි. මෙම තරගයේ මුල් ඉනිමේ දී ද ශතකයක් වාර්තා කළ සංගක්කාර සිය 32 වන ටෙස්ට් ශතකය අද (12) වාර්තා කළා. කුමාර් සංගක්කාර ඉනිම දෙකේදීම ශතක වාර්තා කළ ශ්‍රී ලංකාවේ 5 වන ක්‍රීඩකයා බවට ඒ අනුව අද වාර්තා පොතට එක්වුණා. ලෝක ටෙස්ට් ඉතිහාසයේ දෙවන තැනට වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා වුණු තරගය ලෙසත් මෙම තරගය ඉතිහාසයට එක්වනවා. ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී ශතක 3ක් වාර්තාවීම සහ බංග්ලාදේශ පළමු ඉනිමේ දී ශතක 2ක් සහ ද්විත්ව ශතකයක් වාර්තා වීම ඊට හේතුවයි.

 

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දී කඩුලූ 4ක් දැවී ලකුණු 570ක් රැස් කළ අතර, බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 638ක් ලබා ගත්තා.