වොට්සන් ටෙස්ට් පිටියෙන් ඉවත් වේ ද?

Wednesday, 13 March 2013 - 8:20

%E0%B7%80%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%3F

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වොට්සන් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට සූදානමක් පවතින බව විදෙස් වාර්තා පවසනවා.  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සිය ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් නොකිරීම හේතුවෙන් ෂේන් වොට්සන් සිත් තැවුලෙන් පසුවන බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ඉන්දියාව සමග දැන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අතරතුර දී පසුගිය දා  ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සිව් දෙනෙකු කණ්ඩායමෙන් ඉවත් කළා. ඒ, ෂේන් වොට්සන්, ජේම්ස් පැටින්සන්, මිචෙල් ජොන්සන් සහ උස්මාන් කවාජා යන ක්‍රීඩකයිනුයි. මොවුන් ඉවත් කිරීමට හේතු වූයේ කළමනාකාරීත්වය විසින් කණ්ඩායම තුළ ක්‍රියාත්මක වන නීති රීතිවලට එකඟ නොවීම සහ සැහැල්ලූ ක්‍රීඩා දිවිය හේතුවෙන් බවයි මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.