බංග්ලාදේශ සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීකඩයින් 4ක් නම් කෙරේ.

Thursday, 14 March 2013 - 8:30

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B6%A9%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.




ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය නියෝජනය කරන සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සිව් දෙනෙකු අලූතින් කැඳවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා. බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මොහොමඞ් අෂ්රෆුල් මීට පෙර එක්දින සංචිතය සඳහා නම් කර තිබුණේ නැහැ. එහෙත් ඔහු පසුගිය ටෙස්ට් තරගයේ දී දැක්වූ දක්ෂතා පදනම් කර ගනිමින් එක්දින සංචිතයට කැදවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව සදහන්. මීට අමතරව නස්මුල් හුසේන්, අබුල් හසන්, මුෂාරෆ් හුසේන් කණ්ඩායමට අලූතින් කැදවා ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් පෙන්වා දෙන්නේ. තරග 3කින් සමන්විත බංග්ලාදේශ - ශ්‍රී ලංකා එක්දින තරගාවලිය ලබන 23 වැනිදා ආරම්භවීමට නියමිතයි. මින් තරග දෙකක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සහ අනෙක් තරගය පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.