ශ්‍රී ලංකාවට 160ක ඉලක්කයක්.

Tuesday, 19 March 2013 - 13:14

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+160%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ 4 වන දිනය අදයි. අද (19) දිවා ආහාරය සඳහා තරගය නතර කරන අවස්ථාවේදී බංග්ලාදේශ කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 265කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වී සිටියා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඔවුන් පළමු ඉනිමේ දී සියලූ දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 240ක්. ශ්‍රී ලංකාව තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 346ක් රැස් කළා. බංග්ලාදේශ දෙවන ඉනිම අද ලකුණු 265කට සීමා වූ අතර, විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් ලකුණු 89කට කඩුලූ 7ක් බිඳ හෙලූවා. ඔහු තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ කඩුලූ 200 සීමාව මෙම තරගයේ දී පසු කිරීම ද විශේෂත්වයක්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට  ජයග්‍රහණය සඳහා ලකුණු 160ක ඉලක්කයක් හිමිව තිබෙනවා.