ඉන්දියාවට තවත් ටෙස්ට් තරගාවලි ජයක්.

Sunday, 24 March 2013 - 19:46

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

සංචාරක  ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලිය 4ට බින්දුවක් ලෙස ජය ගැනීමට ඉන්දියානු ක්‍රිකට් පිල අද (24) සමත්වුණා. ඒ නවදිල්ලියේ පැවති 4 වන ටෙස්ට් තරගය ද  කඩුලූ  4කින් ජය ගැනීමත් සමගයි. තරගයේ පළමු ඉනිම සඳහා  ඕස්ට්‍රේලියාව ලකුණු 262ක් සහ දෙවැනි ඉනිම සඳහා ලකුණු 164ක් රැස් කළා. ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 272ක් ලබා ගත් අතර ඔවුන්ට තරගය ජය ගැනීම සඳහා ලබා ගත යුතු වූයේ ලකුණු 155ක් පමණයි. එම ඉලක්කය අද (24) දිනයේ දී කඩුලූ 4ක් පමණක් දැවී සපුරා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයින් සමත් වුණා. තරගාවලියේ වීරයා වූයේ ඉන්දීය පිළේ රවිචන්ද්‍රන් අෂ්වින්.