ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් වෙයිද?

Monday, 25 March 2013 - 13:25

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%3F



 
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග අද පැවැත්වෙන දෙවන එක්දින තරඟයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු නොවනු ඇතැයි වාර්තාවනවා. සූරියවැව - මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩංගණයේදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන අද තරඟයට බංග්ලාදේශ කණ්ඩායමේ තමීම් ඉක්බාල් ක්‍රීඩා නොකරනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා. ඒ පසුගියදා අවසන් වූ පළමු එක්දින තරඟයේදී ඔහු ආබාධයට ලක්වීම හේතුවෙන්. පළමු එක්දින තරඟයේදී තමීම් ඉක්බාල් ලකුණු 112 ක් රැස් කරගනු ලැබුවා. ඔහු වෙනුවට අද තරඟයට ෂාම්ෂූර් රහමන් පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක්කර තිබෙනවා.