චෙන්නායි සුපර් කිංග්ස් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉවත් කිරීමේ සූදානමක.

Tuesday, 26 March 2013 - 12:51

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A.



අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට ඉන්දීය මාධ්‍ය අද (26) වාර්තා කළා. චෙන්නායි හි පැවැත්වෙන අයි.පී.එල්. තරගවලදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සහභාගි වීමට තමිල්නාඩු කොටි හිතවාදී දෙමළ දේශපාලන පක්ෂ විරෝධය දැක්වීම ඊට හේතුවයි. නුවන් කුලසේකර සහ අකිල ධනංජය මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. කෙසේ නමුත් අනෙකුත් අයි.පී.එල්. කණ්ඩායම් නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ චෙන්නායි තරග පිළිබදව එහිදී පිළිතුරක් ලබාදී නැහැ. කුමාර් සංගක්කාර, ලසිත් මාලිංග, ඇන්ජිලෝ මැතිව්ස් සහ මහේල ජයවර්ධන ද මෙවර අයි.පී.එල්. කණ්ඩායම් නියෝජනය කරනවා. කරුණානිධිගේ පුත්‍රයෙකු විසින් මිලදී ගත් සන්රයිසස් හිමිකාරත්වය සහිත හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා කුමාර් සංගක්කාර වන අතර මුම්බායි ඉන්දියන්ස් පිළේ ප්‍රධානතම පන්දු යවන්නා ලසිත් මාලිංගයි. මේ හේතුවෙන් සියලූම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත් කිරීමක් සිදුනොවනු ඇති බවයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සදහන් කළේ. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිය ආරම්භක තරගය චෙන්නායි හිදී පවත්වන්නේ ලසිත් මාලිංග ඇතුළත් මුම්බායි ඉන්දියන්ස් පිළ සමගයි.