බංග්ලාදේශයට ජය.

Friday, 29 March 2013 - 8:28

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.

ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගය ඩක්ර්වත් ලූවිස් ක්‍රමවේදයට අනුව කඩුලූ 3 කින් ජයග්‍රහණය කිරීමට සංචාරක බංග්ලාදේශ පිල ඊයේ සමත්වුණා. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ පැවති තරගයේ  මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 302 ක් ලබා ගත්තා. ඊයේ තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර කෙසේ වුවත්, තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඩක්වත් ලූවිස් ක්‍රමවේදයට අනුව බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 27 කදී ලකුණු 183 ක ඉලක්කයක් ලබා දුන්නා. ඒ අනුව පන්දුවාර 26 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 184 ක් ලබා ගත් බංග්ලාදේශය ඊයේ තරගය ජයග්‍රහණය කරනු ලැබුවා.