සිඞ්නි තන්ඩර්ට හතුරුසිංහගේ පුහුණුව.

Thursday, 11 April 2013 - 13:28

%E0%B7%83%E0%B7%92%E0%B6%9E%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80.



 ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියට තරග වදින සිඞ්නි තන්ඩර් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ පත් කර තිබෙනවා. පසුගිය බිග් බෑෂ් තරගාවලියේදී සිඞ්නි තන්ඩර් කණ්ඩායම සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට අපොහොසත්වීම හේතුවෙනුයි චන්දික හතුරුසිංහ නව පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ. චන්දික හතුරුසිංහ මීට පෙර  ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද, එක්සත් එමීර් රාජ්‍ය කණ්ඩායමේ සහ කැනඩා කණ්ඩායම් පුහුණුකරු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙස ද කටයුතු කළා. හතුරුසිංහ මෙම තනතුරට පත්වීමත් සමඟම සිඞ්නි තන්ඩර් කණ්ඩායමට මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන් ද එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.