චෙන්නායි සහ මුම්බායි කණ්ඩායම්වලට ජය.

Sunday, 14 April 2013 - 8:21

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.



අයි.පී.එල්. තරගාවලියේ ඊයේ (13) පැවති තරග දෙකෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජය වාර්තා කළා. චෙන්නායි කණ්ඩායම සහ බැංගලෝර් කණ්ඩායම අතර පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 165 ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස චෙන්නායි කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 05 කදී කඩුළු 06 කට ලකුණු 166 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා. මේ අතර, මුම්බායි කණ්ඩායම සහ පූනේ කණ්ඩායම අතර පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 03 ක් දැවී ලකුණු 183 ක් ලබා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත්, පූනේ කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 08 ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණයි.



විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වය ඉන්දියාවට අහිමි වෙයිද ?
Thursday, 28 May 2020 - 19:41

ඉන්දීය රජයේ බදු ප්‍රතිපත්තිය ලිහිල් නොකිරීම හේතුවෙන් 2021 පන්දුවාර... Read More

මිචෙල් ස්ටාක් යළි ප්‍රාන්ත ක්‍රිකට් තරගවල එක්වීමට සැරසේ
Thursday, 28 May 2020 - 8:16

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක... Read More

හර්බජාන් ඉන්දියාව වෙනුවෙන් යළි පිටියට
Wednesday, 27 May 2020 - 18:13

අයි.පී.එල්. තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් තමාට ඉන්දියාව... Read More