නදීම් ගෞරිට තහනමක්.

Sunday, 14 April 2013 - 13:17

%E0%B6%B1%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරගවලදී මුදල් ලබාගෙන ඇතැම් ක්‍රීඩකයන්ට වාසි දායක තීන්දු ලබාදුන් බවට චෝදනා ලැබූ පාකිස්තානු විනිසුරුවරයෙකුට සිව් වසරක තහනමක් පනවා තිබෙනවා. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් මෙලෙස තහනමක් පනවා ඇත්තේ නදීම් ගෞරි විනිසුරුවරයාටයි. විස්සයි විස්ස ලෝක කුසලාන පෙරහුරු තරගවලදී විනිසුරුවන් 06 දෙනෙකු මූල්‍ය දූෂණවල නිරත වූ බවට ඉන්දීය රූපවාහිණි වැඩසටහනක් මගින් හෙළිදරව් කරනු ලැබුවා. ඒ පිළිබඳ කරන ලද විමර්ෂණයකින් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයද විනිසුරු නදීර් ෂා ට වසර 10 ක තහනමක් පැනවූවා. එහෙත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පැවති ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය එවැනි පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවයි බී.බී.සී. ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ.



කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි
Monday, 01 June 2020 - 7:44

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More