සන්රයිසස් හයිද්‍රාබාද් / රාජස්ථාන් රෝයල්ස්ට ජය.

Thursday, 18 April 2013 - 8:05

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%2F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.



අයි.පී.එල්. තරඟාවලියට අදාළව ඊයේ දිනයේදී තරඟ දෙකක් නිමාවට පත්වුණා. පළමු තරඟය පැවැත්වුණේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ පූනේ වොරියර්ස් කණ්ඩායම අතරයි. එම තරඟයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 11 කින් ජයගැනීමට සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 119 ක් රැස්කරගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පූනේ වොරියර්ස් කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ පන්දුවාර 19 ක් අවසානයේ සියල්ලම දැවී ලකුණු 108 ක් පමණයි. දෙවැනි තරඟය පැවැත්වුනේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි. එම තරඟයෙන් ලකුණු 87 ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායමට හැකියාව ලැබුණා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 179 ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලබාගත හැකිවූයේ සියල්ලන්ම දැවී ලකුණු 92 ක් පමණයි.



එංගලන්ත - කොදෙව් ටෙස්ට් තරඟාවලිය ජූලි 8 වනදා සිට
Wednesday, 03 June 2020 - 19:52

එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින්... Read More

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More