සන්රයිසස් හයිද්‍රාබාද්ට තවත් ජයක්.

Saturday, 20 April 2013 - 8:23

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම් අතර පැවැති තරගය කඩුලූ 5කින් ජයග්‍රහණය කිරීමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු 123ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 5කදී කඩුලූ 5ක් දැවී ලකුණු 127ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා. 19 වන පන්දු වාරයේ දී හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් හයේ පහර 3ක් එල්ල කරමින් නොදැවී ලකුණු 23ක් රැස් කළ තිසර පෙරේරාගේ ඉනිම හයිද්‍රාබාද් කණ්ඩායමේ ජයග්‍රාහී පිතිහරඹය බවට පත්වුණා. ඒ සම්බන්ධයෙන් සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තොරතුරු ඇතුළත් අයි.පී.එල්. විශේෂාංගය.

 
[MP3]s57464[/MP3]



ඕස්ට්‍රේලියා - සිම්බාබ්වේ එක්දින තරඟ අගෝස්තුවේ
Saturday, 30 May 2020 - 8:14

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වී ඇති ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර... Read More

T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලි කල් යයි
Friday, 29 May 2020 - 13:12

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ... Read More