වොට්සන් IPL පළමු ශතකය වාර්තා කරයි.

Tuesday, 23 April 2013 - 8:32

%E0%B7%80%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+IPL+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර ඊයේ (22) පැවැති තරගය කඩුලූ 5කින් ජයග්‍රහණය කිරීමට චෙන්නායි කණ්ඩායම සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 4ක් දැවී ලකුණු 185ක් ලබා ගත්තා. එහිදී ෂේන් වොට්සන් ලකුණු 101ක් ලබා ගත් අතර එය මෙවර අයි.පී.එල්. තරගාවලියේ පිතිකරුවෙකු ලබා ගත් ප්‍රථම ශතකය ද වනවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 5කදී කඩුලූ 5ක් දැවී ලකුණු 186ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා. චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මයික් හසී ලකුණු 88ක් ද, සුරේෂ් රයිනා ලකුණු 51ක් ද රැස් කළා. ඒ සම්බන්ධයෙන් සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තොරතුරු ඇතුළත් හිරු ක්‍රීඩා අංශය ගෙන එන විශේෂාංගය.

[MP3]s57647[/MP3]