ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් තීරණාත්මක IPL තරග චෙන්නාවලින් ඉවතට.

Sunday, 28 April 2013 - 8:21

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+IPL+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරග දෙකක් චෙන්නායි නුවරින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිඩකයන්ට එම තරඟවලට සහභාගිවීමේ අවස්ථාව සලසමින්. චෙන්නායිහි පැවැත්වෙන අයි.පී.එල් තරඟවලට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගි කර නොගත යුතු බවට තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් ලබාදුන් නියෝගයක් අනුවයි ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගි නොවන්නේ. අයි.පී.එල් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය සහ දෙවැන්න චෙන්නායිහි චෙපොක් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබුණා. එහෙත්, අයි.පී.එල් පාලන මණ්ඩලය ඊයේ තීරණය කර ඇත්තේ එම තරඟ දෙකම නවදිල්ලියේ ෆෙරෝස්-ෂා-කොට්ලා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමටයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තීරණාත්මක තරඟවලට සහභාගි කරගැනීමට නොහැකිවීමෙන් සිය කණ්ඩායම් දුර්වලවන බවට අයි.පී.එල් හිමිකරුවන් පාලන මණ්ඩලයට පැමිණිලි කර තිබෙනවා. චෙන්නායි වෙනුවට දිල්ලිය තෝරා ගෙන ඇත්තේ ඒ සඳහා ඉදිරිපත් වූ බැංගලෝරය සහ පූනේ ද ඉවතලමින්. අයි.පී.එල් අවසන් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් 4 න් 2 කට හෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

 

මේ අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරගයෙන් ජය ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවති අනෙක් තරගය ජය ගත්තේ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.



විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට
Saturday, 30 May 2020 - 18:51

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක... Read More

ඕස්ට්‍රේලියා - සිම්බාබ්වේ එක්දින තරඟ අගෝස්තුවේ
Saturday, 30 May 2020 - 8:14

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වී ඇති ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර... Read More

T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More