මුම්බායි සහ රාජස්ථාන් රෝයල්ස්ට ජය.

Tuesday, 30 April 2013 - 8:55

%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.


 

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (29) පැවැති තරගවලින් මුම්බායි කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. මුම්බායි කණ්ඩායම සහ පන්ජාබ් කණ්ඩායම අතර පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 3ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස පන්ජාබ් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 170ක් පමණයි. මේ අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායම් අතර පැවැති තරගයෙන් මුලින්ම පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 5කදී කඩුලූ 6ක් දැවී ලකුණු 173ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තොරතුරු ඇතුළත් හිරු ක්‍රීඩා අංශය ගෙන එන විශේෂාංගය.

rn

[MP3]s58054[/MP3]



අයි.පී.එල්. වෙනත් රටකදී පැවැත්වීමට ඉන්දියාවේ අවදානය
Friday, 05 June 2020 - 13:51

මෙවර අයි.පී.එල්. තරගාවලිය විදේශ රටකදී පැවැත්වීම අවසන් විකල්පය... Read More

මෙවර ඔලිම්පික් කාලගණනය නැහැ
Friday, 05 June 2020 - 8:17

කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා කල් දමනු ලැබූ ඔලිම්පික් උළෙලට වසරක්... Read More

ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි
Thursday, 04 June 2020 - 19:53

ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී... Read More