වෙලගෙදර නැවත කැඳවයි.

Thursday, 02 May 2013 - 19:11

%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92.



ශ්‍රී ලංකා වේග පන්දු යවක ක්‍රීඩක චානක වෙලගෙදර වසර 03 කට පසුව යළි එක්දින කණ්ඩායම සඳහා නම් කර තිබෙනවා. ඒ, එළැඹෙන ජුනි මස එංගලන්තයේදී ආරම්භ වන චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලිය සඳහායී. එම තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයද අද (02) ප්‍රකාශයට පත්කළා. එහි නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව ඇති අතර, උප නායකත්වය හිමිව ඇත්තේ දිනේෂ් චන්දිමාල්ටයි. තිලකරත්න ඩිල්ෂාන්, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, ලහිරු තිරිමාන්න සහ කුසල් ජනිත් පෙරේරා පිතිකරුවන් ලෙස මෙම සංචිතයට නම් කර තිබෙනවා. වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්කර ඇත්තේ නුවන් කුලසේකර, ලසිත් මාලිංග, ෂමින්ද එරංග සහ චානක වෙලගෙදරයි. තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක සහ ජීවන් මෙන්ඩිස් මෙම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස එක්කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙම සංචිතයට උපුල් තරංග සහ අජන්ත මෙන්ඩිස් නම් කර නැහැ.



රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More

ක්‍රිකට් තරගවලට අතිරේක ක්‍රීඩකයින් වැඩිවන ලකුණු
Sunday, 31 May 2020 - 8:50

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට්... Read More

විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට
Saturday, 30 May 2020 - 18:51

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක... Read More