%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B7%83%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA.
Saturday, 04 May 2013 - 13:17
අයි.පී.එල්. ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යළි කැඳවන්න. - සනත් ජයසූරිය.
20

Shares
2,427

Views

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීම සඳහා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සියලූ දෙනාම පාහේ ඉදිරියේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පුහුණු කටයුතු සඳහා යළි කැඳවිය යුතු බව තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය පවසනවා. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එක් අයෙකු හෝ දෙදෙදෙනෙකු හැර අන් සියල්ලන්ම පාහේ මෙරව අයි.පී.එල්. තරගාවලියේ දී දස්කම් දැක්වීමට අපොහොසත් වී ඇති බවයි. ඔවුන් අයි.පී.එල්. කණ්ඩායම් වලට නිළ වශයෙන් ඇතුළත් වුවද බොහෝ විට තරගවලදී සිටින්නේ අතිරේක ක්‍රීඩකයන් ලෙසයි. එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා තෝරාගෙන ඇති එම ක්‍රීඩකයන් පුහුණු කටයුතුවල නිරතවීම අත්‍යවශ්‍ය කරුණක්. මේ නිසා ඔවුන් ඉන්දියාවේ නිකරුණේ කල් ගත කිරීමට වඩා ශ්‍රී ලංකාවට යළි පැමිණ පුහුණු කටයුතුවල නිරතවීම වැදගත් වන බව සනත් ජයසූරිය සඳහන් කළා. කෙසේ නමුත් ඒ පිළිබදව තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බවත් ඔහු අවධාරණය කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE