%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%2C+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
Sunday, 12 May 2013 - 8:07
මුම්බායි, සන්රයිසස් ඊයේ ජයගනී.
13

Shares
1,562

Views



ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වුණා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පූනේ වොරියර්ස් කණ්ඩායම අතර පැවති තරගය මුම්බායි කණ්ඩායම ජයගත්තේ කඩුලූ 5 කින්. එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පූනේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුනු 112 ක් ලබා ගත්තා. එම ඉලක්කය පසුකර යාමට පන්දුවාර 18 යි පන්දු 5 කදී කඩුලූ 5 ක් පමණක් දැවී තිබියදී මුම්බායි කණ්ඩායම සමත්වුණා.

 

ඊයේ (11) පැවති අනෙක් තරගය වූ පන්ජාබ් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර තරගය ලකුණු 30 කින් ජය ගත්තේ සන්රයිසස් කණ්ඩායමයි. පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 150 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 120 ක් පමණයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE