කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල්ස් ජයගනී.

Monday, 13 May 2013 - 8:22

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.



අයි පී එල්  තරඟාවලියට අදාළව ඊයේ දිනයේදී තරඟ දෙකක් නිමාවට පත්වුණා. රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවති තරඟයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය කළා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 115 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු දෙකකදී කඩුලූ 5 ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකළා. ඉන් අනතුරුව පැවති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවති තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජයග්‍රහණය කළා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 141 ක් රැස් කරගත්තා. අනතුරුව පිටියට පිවිසි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දු වාර 17 යි පන්දු එකකදී කඩුලූ 5 ක් පමණක් දැවී ලකුණු 144 ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.



කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි
Monday, 01 June 2020 - 7:44

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More