චෙන්නායි සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් ට ජය.

Wednesday, 15 May 2013 - 8:08

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A+%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.



ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (14) පැවැති තරගවලින් චෙන්නායි කණ්ඩායම සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. පන්ජාබ් සහ බැංගලෝර් කණ්ඩායම් අතර පැවති තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් බැංගලොර් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායම පන්දු වාර 18යි එක් පන්දුවකදී කඩුලූ 3ක් පමණක් දැවී ලකුණු 176ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා. මේ අතර, චෙන්නායි කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම් අතර පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 4ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තා. කෙසේ වුවත් දිල්ලි කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් හිරු ක්‍රීඩා අංශය ගෙන එන විශේෂාංගය.

[MP3]s58988[/MP3]