බෙකම් සමුගැනීමට සූදානම්.

Friday, 17 May 2013 - 8:18

%E0%B6%B6%E0%B7%99%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.



ලොව සුප්‍රකටතම පාපන්දු ක්‍රීඩකයෙකු වන එංගලන්ත පිලේ හිටපු නායක ඬේවිඞ් බෙකම් සිය 20 වසරක පාපන්දු දිවියෙන් සමුගැනීමට සූදානම්. මෙවර ක්‍රීඩා වාරයෙන් පසු තමා වෘත්තීයමය පාපන්දු ක්‍රීඩාවෙන් සමුගන්නා බවයි බෙකම් ඊයේ ප්‍රකාශයට පත් කළේ. එංගලන්ත පිල 115 වතාවක් නියෝජනය කර ඇති බෙකම් මැන්චෙස්ටර් යුනයිටඞ් පාපන්දු කණ්ඩායම නියෝජනය කර ඇති වාර සංඛ්‍යාව 394 ක්. එහිදී මැන්චෙස්ටර් පිලට එංගලන්ත ප්‍රිමියර් ලීග් සහ චැම්පියන්ස් ලීග් ශූරතා 6 ක් ලබා දීමට බෙකම් දායක වුණා. පසුගිය ජනවාරි මාසයේ පැරිසියට පැමිණි ඔහු ප්‍රංශ ක්‍රීඩා සමාජ ශූරතාව ඉසිලීමට ද සමත්වුණා. ඊට පෙර ඬේවිඞ් බෙකම් ස්පාඤ්ඤයේ - රියාල් මැඞ්රිඞ්, ඇමෙරිකාවේ - ලොස් ඇන්ජිලස් ගැලැක්සි සහ ඉතාලියේ ඒ.සී. මිලාන් පිල් ද නියෝජනය කළා. 38 හැවිරිදි බෙකම් රටවල් 4ක ශූරතාවන් සිය ක්‍රීඩා සමාජවලට ලබාදීමට සමත්වූ එකම එංගලන්ත ක්‍රීඩකයායි.