වෙළගෙදර වෙනුවට ලොකුහෙට්ටිගේ....

Wednesday, 22 May 2013 - 15:33

%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9C%E0%B7%9A....

චැම්පියන්ස් කුසලාන එක් දින තරඟාවලිය සඳහා දිල්හාර ලොකුහෙට්ටිගේ කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ, පාදයේ ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක චානක වෙළගෙදර වෙනුවටයි. පසුගියදා සභාපති කුසලානය වෙනුවෙන් පැවති තුන් කොන් තරඟාවලියේදී තරඟයක් අතරතුර පාදයේ ආබාධයකට ලක්වූ චානක වෙළගෙදරට යළි යථා තත්ත්වයට පත්වීම සඳහා සති 4 ක කාලයක් අවශ්‍ය බව වෛද්‍ය පරීක්ෂණවලදී තීරණය වුණා. ඒ අනුව එළඹෙන චැම්පියන්ස් කුසලාන තරඟාවලිය සඳහා දිල්හාර ලොකු හෙට්ටිගේ ගේ නම යෝජනා කර ඇති අතර ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා. තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන දිල්හාර ලොකු හෙට්ටිගේ මෙලෙස ශ්‍රී ලංකා සංචිතයට එක්වන්නේ වසර 7 කට පසුවයි.



අයි.පී.එල්. වෙනත් රටකදී පැවැත්වීමට ඉන්දියාවේ අවදානය
Friday, 05 June 2020 - 13:51

මෙවර අයි.පී.එල්. තරගාවලිය විදේශ රටකදී පැවැත්වීම අවසන් විකල්පය... Read More

මෙවර ඔලිම්පික් කාලගණනය නැහැ
Friday, 05 June 2020 - 8:17

කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා කල් දමනු ලැබූ ඔලිම්පික් උළෙලට වසරක්... Read More

ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි
Thursday, 04 June 2020 - 19:53

ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී... Read More