මනිලාල් පිළිතුරු බඳියි.

Wednesday, 05 June 2013 - 19:24

%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%92.

සුනාමි ව්‍යසනයෙන් පසු ජාත්‍යන්තර පාපන්දු සම්මේලන මූල්‍ය ආධාර යටතේ මෙරට සිදුකළ පාපන්දු සංවර්ධන ව්‍යාපෘති සඳහා වැයකළ මුදල්වලට වගකිවයුත්තේ එවකට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ භාණ්ඩාගාරිකවරයා බව මනිලාල් ප්‍රනාන්දු ප්‍රකාශ කළා. සුනාමි ව්‍යසනයෙන් පසුව මෙරට පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සිදුකළ මූල්‍යාධාර පිරිනැමීම වැඩිකිරීමට ජගත් පාපන්දු සම්මේලනය පියවර ගත්තා. එම මුදල් අදාල සංවර්ධන කටයුතු සඳහා යොමුකරනු ලැබුවේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලන ගෝල් ව්‍යාපෘතිය හරහායි. නමුත් රුපියල් කෝටි 50 කට ආසන්න එම මුදල් වැයකළ ආකාරය සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කථාබහක් ඇතිවූ අතර වර්තමාන පාපන්දු සම්මේලන බලධාරීන් චෝදනා කළේ ගෝල් සංවර්ධන ව්‍යාපෘතියේ මෙරට සංවර්ධන නිලධාරියා ලෙස කටයුතු කළ මනිලාල් ප්‍රනාන්දුටයි.

කෙසේ වෙතත් අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ සුනාමි ආධාර යටතේ තමා සිදුකළ සියලූ ව්‍යාපෘතින් හි වාර්තාවන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන මහ සභා රැස්වීමට ඉදිරිපත් කළ බවයි.

[MP3]s60377_1[/MP3]

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ මනිලාල් ප්‍රනාන්දු.

[MP3]s60377_2[/MP3]