ශ්‍රී ලංකාව 138යි.

Sunday, 09 June 2013 - 19:28

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+138%E0%B6%BA%E0%B7%92.



අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන තරඟවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ වන විට පැවැත්වෙන තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 37යි පන්දු 5කදී සියලූ දෙනා දැවී ලකුණු 138ක් රැස් කර ගත්තා. කාඩිෆ් හිදී ආරම්භ වූ අද (09) තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් දැවී ගියා. කුමාර් සංගක්කාර පන්දු 87කදී ලකුණු 68ක් රැස් කර ගත්තා. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 5ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 17ක් රැස්කරගෙන සිටිනවා.