නවසීලන්තයට ජය.

Monday, 10 June 2013 - 8:36

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ පැවති තරගයෙන් තියුණු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 37 යි පන්දු 4 ක් අවසානයේදී සියලූම ක්‍රීඩකයින් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 138 ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුමාර සංගක්කාර ලකුණු 68 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 36 යි පන්දු 3 කදී තරඟය ජයග්‍රහණය කළේ කඩුලූ 9 ක් දැවී තිබියදී ලකුණු 139 ක් ලබාගනිමින්. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ ලසිත් මාලිංග ලකුණු 34 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන මීළඟ තරඟය ලබන 13 වැනිදා එංගලන්තය සමග  ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.