%E0%B6%AF.+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+67%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Tuesday, 11 June 2013 - 8:13
ද. අප්‍රිකාවට ලකුණු 67ක ජයක්.
16

Shares
1,960

Views


 

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර ඊයේ (10) පැවති තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 67ක ජයක් ලබා ගැනීමට සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු 234ක් ලබා ගත්තා. එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් හෂීම් අම්ලා ලකුණු 81ක් ලබා ගැනීමට සමත් වුණා. තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට පන්දු වාර 45කදී සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි. තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරගය අද (11)  ඕවල්හිදී පැවැත්වෙනු ඇති. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර ඊයේ (10) පැවති තරගය පිළිබදව තොරතුරු ඇතුළත් හිරු ක්‍රීඩා අංශය ගෙන එන විශේෂාංගය.

rn

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE