දෙපිලටම එක ලකුණ බැගින්.

Thursday, 13 June 2013 - 8:42

%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7%E0%B6%B8+%E0%B6%91%E0%B6%9A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB+%E0%B6%B6%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.


 

චැම්පියන්ස් කුසලාන තරඟාවලියට අදාලව  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ඊයේ පැවති තරඟය විසඳුමකින් තොරව නිමාවට පත්වුණා. ඒ, වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන්. කාසියේ වාසිය දිනාගත්  ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පන්දු වාර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 243 ක් රැස් කරගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 15 ක් අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 51 ක් රැස්කරගෙන සිටියදී වර්ෂාවෙන් බාධා එල්ලවුණා. අනතුරුව නවසිලන්ත කණ්ඩායමට සහ  ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එක් ලකුණ බැගින් ලබාදීමට තරඟ තීරකයන් තීරණය කර තිබෙනවා.