දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට.

Saturday, 15 June 2013 - 8:10

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7.

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ඊයේ (14) පැවැති තරගය සම තත්ත්වයෙන් නිමාවට පත්වුණා. ඒ, ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුවයි. වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 31 කට සීමා වූ අතර, දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 31 අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 230 ක් රැස්කළා. කොදෙව් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් යළි තරගය නතර කරන විට පන්දුවාර 26 යි පන්දු 01 කදී කඩුළු 06 ක් දැවී ලකුණු 190 ක් ලබා සිටියා. ඒ අනුව තරගය සමවීමෙන් නිමාවට පත්වු අතර කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවුණා. මේ සමගම දකුණු අප්‍රිකාව චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර කොදෙව් පිල ඉන් ඉවත් වනවා.

\r\n

[MP3]s61026[/MP3]