ක්‍රිකට් මහත් හොරුන්ගේ තවත් කැත වැඩක්.

Saturday, 15 June 2013 - 12:52

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාව වෙතින් දරුණු පරාජයක් ලැබූ චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගයේ දී එංගලන්ත ක්‍රීඩකයන් පන්දුව පළුදු කළ බවට එංගලන්ත පිළේ හිටපු නායක බොබ් විලිස් චෝදනා කරනවා. ඔහු එය හැදින්වූයේ එංගලන්ත පිළේ කූට උපක්‍රමයක් ලෙසයි. ශ්‍රී ලංකාව සමග ලන්ඩන්  ඕවල්පිටියේ පැවැති එම තරගයේ දී පන්දුව මාරු කිරීමට විනිසුරුවන් තීරණය කර ඇත්තේ ද ඒ හේතුවෙන්. පන්දුව පළුදු කළ එංගලන්ත ක්‍රීඩකයා විනිසුරු අලීම් - ඩා විසින් හඳුනා ගත් බවයි බොබ් විලිස් කියා සිටියේ. එහෙත් එම ක්‍රීඩකයා බොබ් විලිස් විසින් නම් කර නැහැ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව සමග පැවැති තරගයේ දී පන්දුව පළුදු කළ බවට එල්ල වන චෝදනා එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.



පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමේ තීරණයක් ගෙන නැහැ
Friday, 29 May 2020 - 9:13

ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සැළසුම් කළ පන්දු... Read More

බ්‍රිතාන්‍ය ප්‍රිමියර් ලීග් 17 ඇරඹේ
Friday, 29 May 2020 - 8:08

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දෙමසක් පුරා කල් දැමුණු බ්‍රිතාන්‍ය... Read More

විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වය ඉන්දියාවට අහිමි වෙයිද ?
Thursday, 28 May 2020 - 19:41

ඉන්දීය රජයේ බදු ප්‍රතිපත්තිය ලිහිල් නොකිරීම හේතුවෙන් 2021 පන්දුවාර... Read More