නවසීලන්ත - එංගලන්ත තරගයට වර්ෂාවෙන් බාධා.

Sunday, 16 June 2013 - 18:59

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+-+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F.



 

චැම්පියන්ස් කුසලාන තරඟාවලියට අදාළව එංගලන්තය සහ නවසීලන්තය අතර අද (16) පැවැත්වීමට නියමිතව තිබූ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. කාසියේ වාසිය හිමි කර ගත් නවසීලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා. නමුත් තරගය ආරම්භවීමට ප්‍රථමයෙන් ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැලූණා. අවසන් පූර්ව වටයට තේරී පත්වීම සඳහා මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක එකක් වනු ඇති. යම් හෙයකින් අද (16) තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් කණ්ඩායම් දෙකටම එක් ලකුණ බැගින් හිමි වීමට නියමිතයි.