එංගලන්ත කණ්ඩායමට ජය.

Monday, 17 June 2013 - 8:07

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියට අදාළව එංගලන්තය සහ නවසීලන්තය අතර ඊයේ පැවති තරගයෙන් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්වුණා. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් පන්දුවාර 24 කට සීමා කිරීමට තරග තීරකයන් කටයුතු කළා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 23 යි පන්දු 3 කදී සියලූදෙනා දැවී ලකුණු 169 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 24 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 159 ක් පමණයි. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව අද දිනයේදී ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර තරඟය පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව එංගලන්තයේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්.දිල්ෂාන්.  

[MP3]s61138[/MP3]