ඉන්දියාව තවදුරටත් පෙරමුණේ.

Wednesday, 19 June 2013 - 13:08

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවදුරටත් පෙරමුණේ සිටීමට ඉන්දියාව යළි සමත්වී තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 121 ක් ලබා ගනිමින්. ප්‍රසාද ලකුණු 119 ක් හිමිකරගෙන සිටි ඉන්දියාව මේ දිනවල පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ලැබූ ජයග්‍රහණ අනුව තවත් ප්‍රසාද ලකුණු 2 ක් හිමිකර ගත්තා. එක්දින ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය එංගලන්තයට හිමිවුණා. ඔවුන් මීට පෙර ශ්‍රේණිගත කිරීම්වල 4 වන ස්ථානයේයි පසුවූයේ.  ඕස්ට්‍රේලියාව 3 වන ස්ථානයේත්, දකුණු අප්‍රිකාව 4 වන ස්ථානයේත් පසුවන අතර ශ්‍රී ලංකාව සිය ස්ථානය රැක ගනිමින් තවදුරටත් 5 වන ස්ථානයේ පසුවනවා.

 

ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් පූර්ව වටයේ තරගය හෙට පැවැත්වෙනු ඇති.