චැම්පියන්ස් අවසන් සටනට ඉන්දියාව.

Friday, 21 June 2013 - 7:52

%E0%B6%A0%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80.


චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය කඩුලූ 8 කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 181 ක් රැස් කළා. පන්දුයැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉෂාන් ෂර්මා සහ රවිචන්ද්‍රන් අස්වින් කඩුලූ 3 බැගින් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 35 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 182 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්වුණා. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ෂිකාර් දවාන් ලකුනු 68 ක් ද, විරාත් කෝලි නොදැවී ලකුණු 58 ක් ද ලබා ගත්තා.

\r\n