පොන්ටින් ක්‍රිකට් දිවියෙන් සමුගනී.

Friday, 21 June 2013 - 12:55

%E0%B6%B4%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.



සුපිරි  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක රිකී පොන්ටින් ලබන ඔක්තෝම්බර් මාසයේදී සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව අද (21) නිවේදනය කළා. 38 හැවිරිදි රිකී පොන්ටින් පවසන්නේ තම ක්‍රිකට් දිවිය අවසන් කිරීමට සුදුසුම කාලය එළඹ ඇති බවයි. 1995 දී ශ්‍රී ලංකාවට එරෙහිව පර්ත් ක්‍රීඩාංගනයේදී තරග වදිමින් ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කළ රිකී පොන්ටින් ටෙස්ට් තරග 168 කට සහභාගි වී ලකුණු 13,378 ක් රැස් කරගෙන තිබෙනවා. ඊට අමතරව, එක්දින සහ විස්සයි විස්ස තරගවලදී ද,  ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී දක්ෂතා දැක්වූ පොන්ටින් 2003 - 2007 යන වසරවල පැවති ලෝක කුසලානය දිනා ගත්  ඕස්ට්‍රේලියානු කණ්ඩායම්වලට නායකත්වය දෙනු ලැබුවා. ඊට අමතරව, ඔහු කොල්කටා නයිට්රයිඩර්ස්, මුම්බායි ඉන්දියන්ස්, සමර් සෙට්, තස්මේනියා යන කණ්ඩායම් නියෝජනය කරමින් විස්සයි විස්ස ක්‍රිකට් තරගවලදී ද දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක්.



නතර වූ ක්‍රිකට් තරඟ යළි ඇරඹුම, කොදෙව් පිළේ එංගලන්ත චාරිකාවෙන්
Tuesday, 26 May 2020 - 8:24

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ... Read More

පිතිකරුවන්ට සිදුවන වාසියක් ගැන ඉර්ෆාන් පතාන් කියයි
Monday, 25 May 2020 - 13:46

මිනිස් ඛේඨය උපයෝගී කරගනිමින් පන්දුව ඔප දැමීමට නොහැකි ආකාරයට... Read More

තව්ෆීක් උමාර්ට කොරෝනා
Monday, 25 May 2020 - 7:31

පාකිස්තාන ක්‍රිකට් පිළේ හිටපු ආරම්භක පිතිකරු තව්ෆීක් උමාර්ට... Read More