කොදෙව් යන අපේ කණ්ඩායම මෙන්න.

Saturday, 22 June 2013 - 8:06

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21) නම් කළා. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ උප නායකත්වය හිමිවී ඇත්තේ දිනේෂ් චන්දිමාල්ටයි. කුමාර් සංගක්කාර, උපුල් තරංග, කුසල් ජනිත්, මහේල ජයවර්ධන, ලහිරු තිරිමාන්න, සචිත්‍ර සේනානායක යන ක්‍රීඩකයන් මෙන්ම ලසිත් මාලිංග, ශමින්ද එරංග, නුවන් කුලසේකර, දිල්හාර ලොකුහෙට්ටිගේ යන වේග පන්දු යවන්නන් ද කණ්ඩායමට ඇතුළත්. මීට අමතරව දග පන්දු යවන්නන් ලෙස අජන්ත මෙන්ඩිස්, රංගන හේරත් සහ ජීවන් මෙන්ඩිස් ද කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වුවත් පාදයේ ආබාධයකට ලක්ව සිටින තිලකරත්න ඩිල්ශාන් මෙම තරගාවලියට සහභාගි නොවන අතර ඔහුට සති 4ත්, 6ත් අතර කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇතැයි සදහන්. ලබන ජුනි 24 වන දා සිට ජුලි 13 වන දා දක්වා කොදෙව් ¥පත් හි පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව සමග ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සහභාගි වනු ඇති.



එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තය සමඟ තරඟාවලියකට සූදානමින්
Tuesday, 14 July 2020 - 21:22

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙන... Read More

හිතවතුන් වෙනුවෙන් තීන්දු වෙනස් කළ බවට දයාසිරිට සහ හරින්ට චෝදනා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:06

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය... Read More

IPL ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හේමන්ග් අමින්ට, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොකු පුටුවක්
Tuesday, 14 July 2020 - 13:57

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම්... Read More