කොදෙව් යන අපේ කණ්ඩායම මෙන්න.

Saturday, 22 June 2013 - 8:06

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21) නම් කළා. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ උප නායකත්වය හිමිවී ඇත්තේ දිනේෂ් චන්දිමාල්ටයි. කුමාර් සංගක්කාර, උපුල් තරංග, කුසල් ජනිත්, මහේල ජයවර්ධන, ලහිරු තිරිමාන්න, සචිත්‍ර සේනානායක යන ක්‍රීඩකයන් මෙන්ම ලසිත් මාලිංග, ශමින්ද එරංග, නුවන් කුලසේකර, දිල්හාර ලොකුහෙට්ටිගේ යන වේග පන්දු යවන්නන් ද කණ්ඩායමට ඇතුළත්. මීට අමතරව දග පන්දු යවන්නන් ලෙස අජන්ත මෙන්ඩිස්, රංගන හේරත් සහ ජීවන් මෙන්ඩිස් ද කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වුවත් පාදයේ ආබාධයකට ලක්ව සිටින තිලකරත්න ඩිල්ශාන් මෙම තරගාවලියට සහභාගි නොවන අතර ඔහුට සති 4ත්, 6ත් අතර කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇතැයි සදහන්. ලබන ජුනි 24 වන දා සිට ජුලි 13 වන දා දක්වා කොදෙව් ¥පත් හි පැවැත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව සමග ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සහභාගි වනු ඇති.



ඕස්ට්‍රේලියා - සිම්බාබ්වේ එක්දින තරඟ අගෝස්තුවේ
Saturday, 30 May 2020 - 8:14

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වී ඇති ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර... Read More

T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලි කල් යයි
Friday, 29 May 2020 - 13:12

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ... Read More