එංගලන්තය පරදා ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට.

Monday, 24 June 2013 - 8:24

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.



චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ ඊයේ පැවති අවසන් තරඟයෙන් එංගලන්තය පරදා ජයග්‍රහණය ලබාගැනීමට ඉන්දියාව සමත්වුණා. තරඟය ආරම්භයේ සිටම වර්ෂාවෙන් බාධා එල්ලවූ අතර ඊයේ පස්වරු 8.50 ට පමණ තරඟය නැවත ආරම්භ වුණා. පන්දු වාර 20 කට තරඟය සීමා කිරීමට විනිසුරුවන් තීරණය කරනු ලැබුවා.  ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 129 ක් රැස් කරගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට ලබාගත හැකිවූයේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 124 ක් පමණයි. ඒ අනුව චැම්පියන්ස් කුසලාන අවසන් මහ තරඟයෙන් ඉන්දියාව ජයග්‍රහණය කිරීමට සමත්කම් දැක්වූවා.