ක්‍රිකට් විනිසුරුවන් දෙදෙනෙකු වැරදිකරුවන් වන ලකුණු.

Thursday, 27 June 2013 - 19:32

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.

මුදලට තරඟ පාවාදුන් බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ විනිසුරුවරුන් තුන්දෙනා පිළිබඳ සොයා බැලීමට පත් කළ නීතිඥ සාගර කාරියවසම්ගේ ඒක පුද්ගල කමිටු වාර්තාව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාර දී තිබෙනවා. එම වාර්තාව මගින් දෙදෙනෙකු වැරදිකරුවන් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දීය රූපවාහිනි නාලිකාවක් මගින් ක්‍රිකට් විනිසුරුවන් කිහිප දෙනෙකු සමඟ තරඟ පාවාදීම් සඳහා කෙරෙන සාකච්ඡා ඇතුළත් දර්ශන විකාශනය කළේ පසුගිය නොවැම්බර් මාසයේදීයි. එම විනිසුරුවරුන් අතරට ශ්‍රී ලංකාවේ මොරිස් වින්ස්ටන්, සාගර ගාල්ලගේ, ගාමිණී දිසානායක යන විනිසුරුවරුන් ද ඇතුළත්. අදාළ විනිසුරුවන් මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ක්‍රිකට් ආයතනයෙන් පත්කළ විනය කමිටුවට කැඳවු අවස්ථාවේදී සාගර ගාල්ලගේ ලිපියක් මගින් දන්වා සිටියේ මින් ඉදිරියට තමන් විනිසුරුවරයෙකු ලෙස කටයුතු නොකරන බවයි. එහෙත් ගාමිණී දිසානායක සහ මොරිස් වින්ස්ටන් තමන් නිර්දෝෂි බව කියා සිටියා.

 

ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම වාර්තාවෙන් ගාමිණී දිසානායක චෝදනාවලින් නිදහස් කර ඇති බවයි. මොරිස් වින්ස්ටන්ට එරෙහිව එල්ල වූ චෝදනා 08 න් 04 කට ඔහු වරදකරු බවත් වාර්තා වුණා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ලබන සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ විනිසුරුවරුන් පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි.