දෝනි අද තරගයට නැහැ.

Tuesday, 02 July 2013 - 8:04

%E0%B6%AF%E0%B7%9D%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.


 

බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග අද (02) පැවැත්වෙන තරගයට ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ක්‍රීඩා නොකරන බව වාර්තා වනවා. පසුගිය ඉරිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයේ දී ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු අද තරගයේ දී විවේක ගන්නා බවයි ඉන්දීය කණ්ඩායමේ කළමනාකාරීත්වය පවසන්නේ. දෝනි වෙනුවට අද දිනයේ අම්බටි රයිදු පිතිකරු ලෙස ඉන්දීය කණ්ඩායමට එක්වනු ඇති. විරාට් කෝලි අද දිනයේ ඉන්දියානු කණ්ඩායම මෙහෙය වන අතර දිනේෂ් කාර්තික් කණ්ඩායමේ කඩුලූ රකින්නා ලෙස  කටයුතු කරනවා. කිංග්ස්ටන් හි පැවැත්වෙන ශ්‍රී ලංකා - ඉන්දියා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (02) පස්වරු 8.00ට ආරම්භ වීමට නියමිතයි.