රඹුක්වැල්ල ගැන පරීක්ෂණ වාර්තාව සතියක් තුළ ක්‍රිකට් ආයතනයට.

Thursday, 04 July 2013 - 8:11

%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.

ශ්‍රී ලංකා - ඒ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන රමිත් රඹුක්වැල්ල ඉහළ අහසේ දී මගී ගුවන් යානයක දොර විවෘත කිරීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ඊයේ පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව මේ බව තීරණය කර  ඇති බවයි. මෙම පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියෙකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් ද සිල්වා පත්කර තිබෙනවා. දින 7 ක් තුළ එම පරීක්ෂණ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබාදිය යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.