ශ්‍රී ලංකාවට යළිත් ජයක්.

Tuesday, 09 July 2013 - 8:01

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර ඊයේ (08) පැවැති තරගය ලකුණු 39කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මෙම තරගය පෙරේදා ආරම්භ වූ අතර, එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය 19 වන පන්දු වාරයට මුහුණ දෙන විට තරගයට වර්ෂාවෙන් බාධා ඇති වුණා. ඉන් අනතුරුව තරගය තාවකාලිකව අත්හිට වූ අතර යළිත් එතැන් සිට තරගය ඊයේ (08) දිනයේ ආරම්භ වුණා. ඒ අනුව ඩක්වත් ලූවිස් ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 41 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 219ක් රැස් කළා. තරගයේ ජයග්‍රහණය සඳහා ඩක්වත් ලූවිස් ක්‍රමයට අනුව කොදෙව්වන්ට පන්දු වාර 41කදී ලකුණු 230ක ඉලක්කයක් ලබාදුන්න ද ඔවුන්ට පන්දු වාර 41කදී කඩුලූ 9වක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 190ක් පමණයි. ඊයේ (08) තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 90ක් රැස් කළ කුමාර් සංගක්කාර තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවා.