දෝනි ශ්‍රී ලංකාව හඬවයි.

Friday, 12 July 2013 - 7:41

%E0%B6%AF%E0%B7%9D%E0%B6%B1%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B6%AC%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ඉන්දියාව ඊයේ (11) සමත්වුණා. ටි‍්‍රනිඩෑඩයේ - පෝට් ඔෆ් ස්පේන් හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව ශ්‍රී ලංකාවට පන්දුවට පහරදෙන ලෙස ආරාධනා කළා. ශ්‍රී ලංකාවට 49 වන පන්දුවාරයේදී සියලූ ක්‍රීඩකයන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 201 ක් පමණයි. එහිදී කුමාර් සංගක්කාර ලකුණු 71ක් සහ ලහිරු තිරිමාන්න ලකුණු 46 ක් රැස් කළා. සංගක්කාර සහ තිරිමාන්න තුන්වන කඩුල්ල සඳහා ලකුණු 122 ක් රැස් කිරීම ද විශේෂත්වයක්. ඉන්දීය පිල පන්දුවාර 49 යි පන්දු 4 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 203 ක් ලබමින් තරගයේ ජය හිමිකර ගත්තා. එහිදී මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 45 ක් රැස් කර ගත් අතර අවසන් පන්දුවාරයේ දී ඉන්දියාව ලකුණු 15 ඉක්මවා රැස් කිරීම ද විශේෂත්වයක්.