අලූබඳුනේ පළමු ජය එංගලන්තයට.

Sunday, 14 July 2013 - 20:08

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%B6%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7.


අලූබඳුන කුසලාන තරගාවලියේ එංගලන්තය සහ  ඕස්ට්‍රේලියාව අතර නොටින්හැම් හි  ටෙ‍්‍රන්ට්බිජ් ක්‍රීඩාංගනයේ පැවැති පළමු තරගයෙන් ලකුණු 14ක ජයක් ලබා ගැනීමට එංගලන්තය අද (14) සමත් වුණා. කාසිය වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහර දුන් අතර, එහිදී ඔවුන් සියලූ දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 215ක් පමණයි. ඊට පිළිතුරු ලෙස  ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 280ක් රැස් කළා. එංගලන්තය සියලූ දෙනා දැවී සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 375ක් රැස් කළ අතර එහිදී ඉයන් බෙල් ලකුණු 109ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට පිළිතුරු ලෙස  ඕස්ට්‍රේලියාවට සිය දෙවැනි ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 296ක් පමණයි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 73කට කඩුලූ 5ක් දවා ගැනීමට සමත් වුණා. මෙම ජයත් සමග තරග 5කින් සමන්විත අලූබඳුන තරගාවලියේ එකට බින්දුවක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ එංගලන්තයයි.