ලොව වේගවත්ම මිනිසුන් දෙදෙනාට තහනම් උත්තේජක චෝදනා.

Monday, 15 July 2013 - 8:05

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%A2%E0%B6%9A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.


ලෝක ධාවන ශූරයන් දෙදෙනෙකු වන ඇමරිකාවේ ටයිසන් ගේ සහ ජැමෙයිකාවේ අසාෆා පවෙල් තහනම් උත්තේජක භාවිතාකළ බවට වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ටයිසන් ගේ පසුගිය මැයි මාසයේදීත් අසාෆා පවෙල් ජූනි මාසයේදීත් මෙලෙස තහනම් උත්තේජක භාවිතා කර ඇති බව සඳහන්. මේ වනවිට ධාවන තරඟ බිමේ මීටර් 100 ධාවන ඉසව්වේ වේගවත්ම ධාවකයන් දෙදෙනා ලෙසයි ඇමරිකාවේ ටයිසන් ගේ සහ ජැමෙයිකාවේ අසාෆා පවෙල් හැඳින්වෙන්නේ. විශේෂයෙන් ටයිසන් ගේ 2013 වසරේ මීටර් 100 ධාවන ඉසව්ව සඳහා ලෝකයේ හොඳම ධාවන කාලය සටහන් කළ ක්‍රීඩකයා වශයෙන්ද නම් කෙරුණා.